Tuesday, May 14, 2024

General line - 0115112241

ජාතික විගණන පනතේ විදිවිධාන ශක්තිමත් නැහැ - ජවිපෙ

ඩිල්ශාන් මඩවල / දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කෙරුණු ජාතික විගණන පනත සම්බන්ධයෙන් එක් එක් පාර්ශව විවිධ අදහස් පළ කරනවා. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ අපේක්ෂිත ප‍්‍රතිපල අත්කර දීමට තරම් මෙම කෙටුම්පතෙහි ඇති විදිවිධාන ශක්තිමත් නොවන බවයි. 

මේ යටතේ දක්වා ඇති වැරදිවලට වරදකරුවෙකු වන්නෙකුට ලබා දීමට නියම කර ඇති දඬුවම හෝ ප‍්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දුන්නා. 

කෙසේවෙතත් ජාතික විගණන පනත් කෙටුම්පත ඊයේ (05) සම්මත වුයේ සංශෝධන සහිතවයි. ඒ අනුව එහි මුලින් තිබුණු දුර්වලතා මගහැරී ඇත්දැයි නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන නැවත විමසීමක් කළා. මේ ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හඳුන්නෙත්ති.

ජාතික විගණන පනත යහපත් සංකල්පයක් බවද එහෙත් පොලීසියේ රාජකාරි එමගින් සිදු නොවිය යුතු බවද ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා.

 


නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන්ද විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ මූල්‍ය වැරදි අවම කිරීමට මෙම නව පනත මගින් හැකිවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ පවසන පරිදි මූල්‍ය වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලිහිල් කිරීමක්ද එමගින් සිදු සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නා.

 

ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේදී ඊයේ මෙලෙස සම්මත වුයේ වරින්වර කල්යමින්  වසර ගණනාවක් තිස්සේ සිදු කෙරුණු සංවාදයකින් පසුවයි.