Friday, May 3, 2024

General line - 0115112241

අල්ලස් ගත් ධාවන කලමණාකරු වසර 5කට හිරේ




අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වූ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරුවෙකුට අද වසර 5 ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණය විසින්. 2015 වර්ෂයේ බස්රථයක් ධාවනය කිරීමට බලපත්‍රයක් නිකුත් කිරීම සදහා පෞද්ගලික බස්රථ හිමිකරුවෙකුගෙන් රුපියල් දස දහසක මුදලක් ලබාගත් බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණේ.

රුපියල් හතලිස් දහසක දඩ මුදලක් සහ රුපියල් ලක්‍ෂ 5 ක වන්දි මුදලක් බස්රථ හිමිකරුට ගෙවිමටද මෙහිදී නියෝග කෙරුණා.