Friday, May 3, 2024

General line - 0115112241

පෑලියගොඩ මාළු වෙළඳ පොලේ ඇමෝනියා වායුව පැතිරීමේ අවධානමක්




පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය අසලදී ඇමෝනියා රැගත් කන්ටේනරයක් පෙරළීම හේතුවෙන් ඒ අවට එම වායුව ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ නිසා ඒ ආසන්නයට පැමිණීමෙන් වළකින ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. පෙරළුණු කන්ටේනරය ඉවත් කිරිමේ කටයුතුද ආරම්භ කර තිබෙනවා. ගිනි නිවීම් ඒකකයද මේ වනවිට එම ස්ථානයට ගොස් සිටින බවයි කොළඹ ගිනි නිවීම් ඒකකය පැවසුවේ.