Friday, May 3, 2024

General line - 0115112241

බැසිල්ට බෙහෙත් ගන්න අමෙරිකා යන්න අවසර ලැබෙයි

ටෝනි කරුණානායක - ගම්පහ




හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බියගම, මල්වානේ ඉඩම සම්බන්ධයෙන්වූ නඩුව ගම්පහ මහාධිකරණයේදී අද (06) කැඳවූවා. 

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අමෙරිකාවට යාමට බැසිල් රාජපක්ෂ මෙහිදී කළ ඉල්ලීමට මහාධිකරණ විනිසුරු නිමල් රණවීර අවසර දුන්නා. ඒ අගෝස්තු මස 11 දා සිට ඔක්තෝබර් 03දා තෙක් මෙරටින් බැහැරවීමට පනවා ඇති තහනම තාවකාලිකව අත්හිටුවමින්.