Friday, December 27, 2024

General line - 0115112241

රටේ ඉන්ධන මිල දෙකක්

ඩිල්ෂාන් මඩවල/ සමන්ත කුමාර/ ලහිරු කපුගේ




පැරණි මිළටම ඉන්ධන අළෙවි කරන ලෙස දන්වා ඉන්ධන පිරවුම්හල් වෙත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් වන පැරණි මිළටම අළෙවි කරනු ඇති. එම සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 කට අළෙවි වනවා.

කෙසේවෙතත් ලංකා අයි ඕ සී සමාගම පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වූ නව මිළ ගණන් යටතේ සිය සමාගම ඉන්ධන අළෙවි කරන බවයි. ඒ අනුව ලංකා අයි ඕ සී සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 145 කටයි.  එම සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155 කට අළෙවි කෙරෙනවා.