Sunday, December 22, 2024

General line - 0115112241

පළමුව 'ගෝඨා' කැඳවන්න යයි

හේමන්ත කහවලගේ




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අදාළ නඩුවක් අලුතින් පිහිටුවන විශේෂ මහාධිකරණයේදී පළමුව විභාගයට ගැනීමට සූදානම් වන බවට වාර්තා පළ වනවා.

එලෙස විභාගයට ගැනීමට සූදානම් වන්නේ ඉකුත් ආණ්ඩුව සමයේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 90ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නඩුවයි. 

මීට අමතරව රාජපක්ෂ පවුලට සම්බන්ධ නඩු ඇතුළු තවත් නඩු 10ක් කඩිනමින් විභාග කිරීමට ද අවධානය යොමුව ඇති බව සඳහන්. ඊට අදාළ ලැයිස්තුවක් ද සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂ මහාධිකරණ 03ක් පිහිටුවීමට ආණ්ඩුව මීට පෙර තීරණය කළ ද පළමුව ඉන් එකක් ස්ථාපිත කර එහි සාර්ථකත්වය මත සෙසු අධිකරණ පිහිටුවීමට තීරණය කර ඇති බවද සඳහන්. 

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරළ ඉකුත්දා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ. ඊට නීතිපතිවරයා ද සහභාගී වී තිබෙනවා.