ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කළ නඩුව ඔක්තොම්බර් මස 30 දා කැදවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.
මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය ඔක්තොම්බර් මස 3 දා තෙක් බලපැවැත්වෙන තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවට රජයේ ජේෂ්ඨ නීතිඥවරයා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන ලදී..
චෝදනා 19 න් යුත් චෝදනා පත්‍ර මීට පෙර අධිකරණය විත්තිකරුවන්ට භාර දී තිබේ.
හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු වන සෝමතිලක දිසානායක , ජයනාත් කොළඹගෙ, ජයන්ත පෙරේරා සහ ඇවන්ට් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, පාලිත පියසිරි ප්‍රනාන්දු , කරුණාරත්න බන්ඩාර යන අය අධිකරණයේ පෙනී සිටින ලදී.
මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති නැමැත්තිය නොමැතිව නඩුව විභාග කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුනා.
වර්ෂ 2012 අගෝස්තු මස සිට 2015 ජනවාරි මස දක්වා කාලය තුළ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ කියවෙන දූෂණය නැමැති වරද විත්තිකරුවන් සිදු කර ඇති බව අල්ලස් කොමිෂන් සභාව චෝදනා කර සිටියි .