Saturday, May 4, 2024

General line - 0115112241

කොළඹ මහ නගර සභාවේ පටලැවිල්ල

හේමන්ත කහවලගේ




කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා තෝරා ගැනීම තවදුරටත් ගැටලූකාරී වී තිබෙනවා.

මෙහි මුලු සභික ධූර සංඛ්‍යාව 119ක්.

එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් 60 දෙනෙකු සහ අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මහජන පෙරමුණේ සභිකයින් 10 දෙනෙකු පාලක පක්ෂය නියෝජනය කරනවා.

විපක්ෂයේ සිටින කණ්ඩායම්වලින් වැඩිම සභික ධූර සංඛ්‍යාවක් හිමිව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණටයි. ඔවුන්ට හිමි සභික ධූර සංඛ්‍යාව 23ක්. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සභික ධූර 12ක් හිමිව තිබෙනවා. 

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායම් නායක වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම් පවසන්නේ විපක්ෂනායක ධූරය තමන්ට ලැබිය යුතු බවයි.

එහෙත්, වෛද්‍ය ප‍්‍රදීප් කාරියවසම්ට සහය නොදක්වන බවත්, විපක්ෂ නායක ධූරයට වෙනත්  ඕනෑම අයෙකු නම් කරන්නේ නම් ඔහුට සහය දක්වන බවත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන්ද සභිකයින් දෙදෙනෙකු විපක්ෂනායක ධූරය අපේක්ෂාවෙන් සිටින බවයි දේශපාලන ආරංචි පැවසුවේ. අසාද් සාලි සහ එම්. මන්සිල් යන සභිකයන් එලෙස විපක්ෂ නායක ධුරය අපේ්ක්ෂාවෙන් සිටිනවා.