අධිකරණයේ වරෙන්තු ලැබ සිටි හිමිනමක් රත්නපුර පොලිසියේ සැරයන්වරයෙකුගේ ගෙල මිරිකා මරා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කරනවා.
අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි රත්නපුර ගල්ලැන්ද විහාරයේ හිමිනමක් පසුගිය කාලයේදී විහාරයේ නොසිට අධිකරණය මග හැර සිට ඇති අතර අද (10) දිනයේදී රත්නපුර පොලිසියේ සාජන්වරයෙක් වරෙන්තු ක්‍රියාත්මක කිරීම සඳහා එම විහාරස්ථානය වෙත ගොස් තිබෙනවා.
පන්සල අවට පිහිටි නිවෙස් වලින් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබී ඇත්තේ වරෙන්තු ලැබ සිටින සැකකාර හිමිනම විහාරස්ථානයේ සිටින බවයි. ඒ අනුව පොලිස් නිලධාරියා විහාරස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකාර හිමිනම පොලිස් නිළධාරියාගේ ගෙල මිරිකා ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී පොලිස් නිළධාරියා ආධාර ඉල්ලා කෑගසා ඇති අතර අවට නිවෙස්වල සිටි අය පොලිස් හදිසි ඇමතුම් අංශයට සිදුකළ දැනුම් දීමකට අනුව රත්නපුර පොලිසියේ නිළධාරින් පිරිසක් අදාළ විහාරස්ථානයට පැමිණ ඇති අතර එහිදී වරෙන්තු ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිළධාරියා මියගොස් සිටියදී හමුවී තිබෙනවා.
ඒ අවස්ථාවේදී විහාරස්ථානයේ සිටි සැකකාර හිමිනම පොලිස් නිළධාරීන් සිටින දෙසට අත් බෝම්බයක් රැගෙන පැමිණ එය එල්ල කිරීමට උත්සහ කිරීමේදී වහාම ක්‍රියාත්මක වූ රත්නපුර මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හිමිනමගේ අතට පොල්ලකින් ගසා ඔහුව අඩපණ කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.