කල්කුඩා පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ (විමර්ශන) ජේයෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි nethnews.lk වෙත පැවසුවා.
ඒ, වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදීයි.
සැකකරු එම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ ගඩොල් කැපීමේ ව්‍යාපාරයක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පාරිසරික බලපත්‍රය ලබා ගැනීමට පොලිස් ස්ථානයෙන් නිකුත් කළ යුතු වාර්තාව ලබාදීම සඳහායි. වාලච්චේන කෝරලේපත්තුව ප්‍රාදේශීය සභාව තුළදී සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.