Saturday, May 4, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

දිනුක් හේවාවිතාරණ / චම්ලි ඒකනායක




අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබාදී තිබෙනවා. ඒ අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදෙමින්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 8කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු7කින්, ඩීසල් ලීටරයක් රු:9කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:10 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.145, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.155,  ඩීසල් ලීටරයක් රු.118 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.129 ක් ලෙසයි.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් අවසරය ලබා දී ඇත