Saturday, May 4, 2024

General line - 0115112241

බන්ධනාගාර තුළ සිට මෙහෙයවන පාතාල ක‍්‍රියාකාරකම් මැඬපැවැත්වීමට නව තීන්දුවක්

සජිත් තිලකරත්න




රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමට ඉඩ නොතබන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. පසුගිය දින කිහිපයේදී වාර්තා වූ ඝාතන සිද්ධීන් පාදක කර ගනිමින් රට තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇති බවට ඇතැමුන් සිදු කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා. 

බන්ධනාගාර තුළ සිට මෙහෙයවන පාතාල ක‍්‍රියාකාරකම් සහ ජාවාරම් මැඬපැවැත්වීමට නව තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මෙහිදී කියා සිටියා. 

 

පසුගිය වසරවලට සාපේක්ෂව මෙරට සිදුවන අපරාධවල අඩුවක් දක්නට ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.