Friday, May 3, 2024

General line - 0115112241

කිරිවෙහෙර නාහිමිගේ රෝහල් බිල ගෙවන්න ජනපතිගේ අනුමැතිය

දිනුක් හේවාවිතාරණ




වෙඩි වැදීමෙන් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ගේ රෝහල් ගාස්තු ජනාධිපතිවරයාගේ උපදෙස් මත කඩිනමින් ගෙවා දැමීමට කටයුතු කරන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් රෝහලේ බිල ලැබී නොමැති බවත් එය ලැබුණු පසු අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන බවයි.

මේ අතර කිරිවෙහෙර නාහිමියන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් කල ඉල්ලිම ගැන ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවූ බවත් අවශ්‍ය ආරක්ෂක නිළධාරින් ලබාදීමට කටයුතු කරන බවයි අමත්‍යවරයා මෙහදී වැඩිදුරටත් කියා සිටියේ.