Saturday, May 4, 2024

General line - 0115112241

කිරිබත්ගොඩ නාහේන ඝාතනයේ සුළමුල හෙළිවේ

හේමන්ත කහවලගේ




කිරිබත්ගොඩ නාහේන ප‍්‍රදේශයේ ත‍්‍රීරෝද රථ රියදුරෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇය සමග අනියම් සබඳතා පැවැත්වු බව කියන අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඝාතනය සිදු වූ ඉකුත් 09 වැනිදා අලූයම සැකකාර පුද්ගලයා මියගිය ත‍්‍රීරෝද රථ රියදුරගේ නිවසට රහසිගතව පැමිණ තිබෙනවා. ඔහු අදාළ නිවසට පැමිණ ඇත්තේ යතුරුපැදියකින්. අලූයම් කාලයේ අවදි වූ අදාළ ත‍්‍රීරෝද රථ රියදුරා නිවස ඉදිරිපිට නවතා ඇති යතුරුපැදිය දැක ඒ පිළිබඳ බිරිඳගෙන් විමසීමට ගිය අවස්ථාවේදී  සැකකාර පුද්ගලයා සහ බිරිඳ එක්ව ඔහුට පිහියකින් ඇණ ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව මියගිය පුද්ගලයාගේ ත‍්‍රීරෝද රථයෙන්ම අදාළ මළ සිරුර සැකකරුවන් විසින් රැගෙන ගොස් නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි මාර්ගයකට දමා තිබුණා. ඝාතනය සිදු කිරීමට යොදාගත් පිහිය අදාළ නිවසේ පිටුපස ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.