Sunday, December 22, 2024

General line - 0115112241

යුද හමුදාපති ගැන ජනපතිගෙන් තීරණයක්

හේමන්ත කහවලගේ




යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මේ වන විටත් වසරක සේවා දිගුවක් යටතේ කටයුතු කරන අතර අගෝස්තු 19 වැනිදා එම කාලය අවසන් වීමට නියමිතයි.

එම තත්ත්වය යටතේ ඔහුට තවත් වසරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙය ඔහුගේ දෙවන සේවා දිගුවයි.