Sunday, December 22, 2024

General line - 0115112241

මිල සංශෝධනයත් සමග ඊයේ රෑ ඉන්ධන හල් වෙත ගිය ජනතාවට වෙච්ච දේ

හේමන්ත කහවලගේ/නිශාන් ද සිල්වා




ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් වැඩි කර ඇත්තේ අඩු ප‍්‍රතිශතයකින් බව රජය පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ සමාජ සුභසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මේ බව පෙන්වා දුන්නා. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉන්ධන මිල සම්බන්ධයෙන් ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

සෑම මසකම 10 වැනිදා මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා.

මේ අතර මිල සංශෝධනය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු ඊයේ රාත‍්‍රී කාලයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නිකුත් කිරීම සිදු නොවූ බව ඉන්ධන ලබා ගැනීමට ගිය කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. 

මේ අතර නිල දැනුම්දීමක් සිදු කරන තුරු ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන පිරවුම්හල් නියෝජිතයින්ට ඊයේ (10) රාත‍්‍රියේ දැනුම් දීමක් කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත‍්‍රිය ආසන්න වනවිට වැඩි කළ මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන ලෙසයි සංස්ථාව මගින් සිය ඉන්ධන පිරවුම්හල් නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ. 
 

දිවයිනටම බලපාන ස්ථානගත මිල ගණන් පහත පරිදි වෙයි.