Sunday, December 22, 2024

General line - 0115112241

රජයේ විධායක නිලධාරීන් කොළඹ කොටුවට රැස්වෙයි

නිශාන් ද සිල්වා/ලහිරු කපුගේ




ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන් අද (11) ලෙඩ නිවාඩු දමා කොළඹ දී විරෝධතාවක නිරත වුණා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි සඳහන් කළේ "සියලුම විධායක සේවාවලට අයිති නිලධාරීන් 5000කට අධික ප්‍රමාණයක් අද දිනයේ පිටකොටුවේ උද්ඝෝෂණයක නිරත වෙනවා. වැටුප් විශමතාවය වහා අහෝසි කරන ලෙස රජයට බලකරනවා.  මේ වන විට අහෝසි කර ඇති විශ්‍රාම වැටුප වහාම නිවරැදි කරන්න කියලත් අපි ඉල්ලනවා. මේ විරෝධතාවය තේරුම් ගන්නා ලෙස රජයට අනතුරු අඟවනවා." යනුවෙනි.

රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදු වුණා.