වැලිකඩ බන්ධනාගාරය තුළට ටෙනිස් බෝලයක් විසිකර හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට චෝදනා ලැබ වැරැදිකරු වූ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය අද (11) නියෝග කළා.
ටෙනිස් බෝලයකට සූක්ෂම ලෙස හෙරොයින් ග්රෑම් 3.15 ක ප්රමානයක් ඇතුල් කොට අදාළ කාන්තාව මෙම ක්රියාව සිදු කර තිබුණා.
2011 වර්ෂයේ ජනවාරි මස 20 වැනිදා වැලිකඩ බන්ධනාගාරය අසළ දී හිරුණි අල්විස් නැමැති කාන්තාව මෙම අපරාධය කර ඇති බවට නීතිපතිවරයා නඩු පවරා තිබුණා.
චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශ්වය සමත් වී ඇති බවට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න තීන්දු කළා.