"මාස 4ක ඇතුළත විදේශ ආයෝජකයෙක් සමග එක්ව මිලියන 21ට ඊ කාඩ් එකක් දෙනවා. සියළුම රෝග තත්ත්වයන්, ඉතිහාසයන් ඒ කාඩ් එකේ තියෙනවා." හදිසි අනතුරකදී රෝහල්ගතවන අයට නිසි ප්‍රතිකාර ලබාදීම මින් තහවුරුවන බවයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බවයි ඔහු පැවසුවේ.
මේ වසර අවසන් වනවිට රෝහල් 300ක් පරිගණක ජාල ගත කර අවසන් කරන බවද ඔහු පැවසුවා.
ජාන වෛද්‍ය විද්‍යාව මෙරට රෝහල්වලට හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා පැවසුවා.
"රෝගයට අදාල DNA එක හඳුනා ගන්නවා. ඒක වෙනස් කිරීමෙන් ඒ රෝගී තත්ත්වය පාලනය කළ හැකියි. මේක තමයි ලෝකයේ තියෙන නවීණතම ප්‍රතිකාර ක්‍රමය. පිළිකාවක් උදාහරණයට ලෙස ගත්තොත් ඒක ඇති වීමට බලපාන ලද ජානමය වෙනස් වීම හඳුනාගෙන, අන්න ඒ වෙනස්වීම වළක්වල එය පෙර තිබූ තත්ත්වයට පත්කරනව. එතනදි සියලු දෙනාටම එකම ප්‍රතිකාර විදිය නෙවෙයි අනුගමනය කරන්නේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පර්සනලයිස් මෙඩිසින් කියන්නේ මේකටයි. අනාගතයේ වෛද්‍ය විද්‍යාව පවතින්නේ එතනයි."
ජානමය ප්‍රතිකාර සම්බන්ධයේ පශ්චාත් උපාධි ලැබූ වෛද්‍යවරුන් 11ක් මෙරටින් බිහිව ඇති බවත්, ඉන් 7 දෙනෙකු පමණක් මෙරට සිටිනා බවත් අමාත්‍යවරයා පැවසුවා.
"ඒ වෛද්‍යවරු 7 දෙනා ඖෂධ ගබඩාවල ලේ බැංකුවල තමයි සේවයට යොදවලා තියෙන්නේ. ලොකේ දියුණුම වෛද්‍ය ක්‍රමය හදාරපු මිනිස්සුන් ඔවුන්ගේ දැනුමෙන් වැඩක් ගන්න බැරි තැන්වල රාජකාරි සඳහායි යොදවලා තිබුණේ. මම ඔවුන් සමග එකතු වෙලා මේ කටයුත්ත අරඹන්න බලාපොරොත්තු වෙනවා." යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.