Sunday, December 22, 2024

General line - 0115112241

ඥාණසාර හිමිගේ නඩුව කල් යයි




බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් 2016 වසරේ ජනවාරි මස 25 දා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කර ඇති  නඩුව අද (11) අභියාචනාධිකරණයේදී කැදවනු ලැබුවා.

එහිදී මෙම නඩුව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ගේ පාර්ශවයේ ලිඛිත දේශන ගොනු කිරීමට මේ මස 13 තෙක් කල් ලබා දුන් අතර මෙම නඩුව ජූලි 18 යළි කැදවීමට නියම කළා.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට පෙර සාක්ෂි ලබා දුන්නා. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතට ගැනේ නම් අවශය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා හොමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිල්ලක්  යොමු කර තිබෙනවා. 2016 වසරේ ජනවාරි මස 25 දා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වන නඩුව විවෘත අධිකරනයේ කැදවු අවස්ථාවේ දී ඥානසාර හිමියන් හැසිරුණු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනූව අධිකරණයට අපහාස කිරීමේ චොදනාව යටතේ කටයුතු කිරීමේ හැකියාව මේ මගින් හොමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරනයෙන් විමසා තිබෙනවා.