අඩු විදුලි පාරිභෝජනයක් සිදුකරන විදුලි පාරිභෝගිකයින්ට LED විදුලි පහන් සහන මිලට ලබාදීමට තීරණය කර තිබෙනවා. LED විදුලි බල්බ භාවිතය දිරි ගැන්වීම මෙහි අරමුණයි. ඒ අනුව සහන ණය ක්රමයක් යටතේ මෙම බල්බ බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ යටතේ LED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10 ක් මිලදි ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, එක් තොගයක් රුපියල් මිලියන 169.6 ක මුදලකටයි. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශ මත එය වියට්නාමයේ සමාගමක් ලෙස පිරිනැමීමටයි තීරණය කර ඇත්තේ.