පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලොස්යිස් යන අයගේ නමට, ඔහුගේ හැඳුනුම්පත් අංකයට නිකුත් කර ඇති සියලුම ජංගම දුරකථන සිම් කාඩ්පත් සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඩයලොග් ඇසියාටා ආයතනයේ ප්‍රධාන විදායක නිලධාරිවරයාට අද (11) නියෝග කළා.
මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ නිතිපති දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සලකා බැලීමේන් අනතුරුවය.
ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ අර්ජුන් ඇලෝසියස් 2016 වසරේ භාවිතා කළ බව කියන සිම්පත් සිංගපූරුවේ පිහිනුම් තටාකයක දී විනාශ වී ඇති බවට ඔහු පවසන බවයි. එම වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රහසිතග තොරතුරු දෙවන පාර්ශ්වයකට ගොස් ඇද්දැයි සෙවීමට මෙම සිම්පත සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වැදගත් වන බව ඇය අධිකරණයට දැන්වීය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ජූලි මස 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.