සේරුවාවිල, මාවඩිච්චේන ප්රදේශයේදී රුපියල් කෝටි 12 කට ආසන්න හෙරොයින් තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඒ, වී මෝලක වී ගෝනි අතර සගවා තිබියදීයි.
එහිදී සොයාගත් හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 9 යි ග්රැම් 900 ක්. මෙම හෙරොයින් තොගය ඉතා සූක්ෂම අයුරින් පාර්සල් 22 ක අසුරා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.