ඉකුත් කාලය සැසදිමේදී මෙරට අපරාධ වැඩි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී්ර ඩලස් අලහප්පෙරුම කියාසිටියේ අද වනවිට දින දෙකකට ඝාතන 3 ක් සිදුවන තත්ත්වයක් මතුව ඇති බවයි.
"දින 30ක් ඇතුළත ජනතා නියෝජිතයෝ 3 දෙනෙක් ඝාතනය කරල තියෙනව. ගතවුණ මුල් මාස 6 ඇතුළත හොරකම් 1260ක්, ස්ත්රී දූෂණ 714ක් සහ ඝාතන 274ක් සිදුවෙලා තියෙනවා."
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉදිරි ජනාධිපතිවරණය පිළිබදවද අදහස් පළ කරමින් පැවසුවේ මහින්ද රාජජක්ෂ මහතාගේ නායකත්වයමත, ගන්නා තීන්දුව අනුව නම් කරන අපේක්ෂකයාගේ ජයග්රහණය සඳහා කටයුතු කිරීමට සූදානම් බවය.