රත්නපුර, ගල්ඇන්ද ප්රදේශයේ විහාරස්ථානයකදී ඝාතනයට ලක් වු පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදියි.
ඊයේ මෙම පොලිස් නිලධාරියා ඝාතනයට ලක්වූයේ වරෙන්තු නිකුත් වී ඇති චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. එහිදී එම චීවරධාරියා විසින් ගෙල සිරකර එම ඝාතනය සිදුකර තිබුණා.