Wednesday, May 15, 2024

General line - 0115112241

නකල්ස් වනසන්න හැදූ ව්‍යාපෘති ආණ්ඩුව හකුලා ගනී

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




නකල්ස් රක්‍ෂිතයේ පේ‍්‍රරණ කලාපය තුළ ව්‍යාපෘති සිදුකිරීමට අවසර ලබාදී තිබූ බව අවසානයේදී හෝ පිළිගැනීමට රජයට සිදුව ඇතැයි පරිසර සංවිධාන පෙන්වා දෙනවා. එවැනි ව්‍යාපෘති වහාම අත්හිටුවීමට කටයුතු කරන බව රාජ්‍ය වැවිලි සංස්ථාව ප‍්‍රකාශ කරන්නේද ඒ අනුව බවයි ඔවුන් කියාසිටියේ.

නකල්ස් රක්‍ෂිතයට හානිකර වන පරිදි ව්‍යාපෘති සිදු කිරීමට යෝජනා වී ඇතැයි නෙත් නිවුස් අවස්ථා ගණනාවකදි පෙන්වා දුන්නා. කෙසේවෙතත් ආණ්ඩුවේ නියෝජිතයන් දිගින් දිගටම කියාසිටියේ නකල්ස් රක්‍ෂිතයට අයත් ඉඩම්වල කිසිදු ව්‍යාපෘතියක් සිදු නොවන බවයි. ආණ්ඩුවේ මෙම ප‍්‍රකාශද අභියෝගයට ලක් කරමින් නෙත් නිවුස් මෙන්ම නෙත් එෆ් එම් බැලූම්ගලද මේ පිළිබද දිගින් දිගටම අනාවරණයන් කළා. අවසානයේදී රාජ්‍ය වැවිලි සංස්ථාව ඊයේ කියාසිටියේ නිවැරදි තොරතුරු ලබාදී නොතිබීම නිසා නකල්ස් රක්‍ෂිතයේ පේ‍්‍රරණ කලාපය තුළ ඇතැම් ව්‍යාපෘතීන් සිදුකිරීමට යෝජනාවී තිබුණු බවයි. එහෙත් ඒවා වහාම අත්හිටුවීමට කටයුතු කරන බවද ඔවුන් පැවසුවා.

නකලස් රක්‍ෂිතයට හානිකර ව්‍යාපෘති කිහිපයක් නතර කිරීමෙන් පමණක් සිය අරගලය නතර නොකරන බවද පරිසරවේදි සජීව චාමිකර මෙහිදී වැඩිදුරටත් කියාසිටියා.