Thursday, May 9, 2024

General line - 0115112241

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යහපත් - පරිපාලන යාන්ත්‍රණය විනිවිද සහ සාධාරණ වියයුතුයි




මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරීමට නම් ඒ හා බැදුණු පරිපාලන යාන්ත‍්‍රණයද වඩා විනිවිද සහ සාධාරණ වියයුතු බව විද්වතුන් පෙන්වා දෙනවා. කාලීන තත්ත්වයන් සැලකීමේදී මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරීම යහපත් තීරණයක් බවයි ශී‍්‍ර ජයවර්ධනපුර විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙරංජි විජේවර්ධන පැවසුවේ. ඒ අනුව ඊට අවශ්‍ය වන පරිදි පරිපාලන යාන්ත‍්‍රණයද කඩිනමින් ශක්තිමත් කළ යුතු බව ඇය අවධාරණය කළා.

මේ අතර අලූගෝසු තනතුර සදහා තැනැත්තන් බදවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. නෙත් නිවුස් ඊයේ වාර්තා කළේ අලූගෝසු තනතුරු සදහා දෙදෙනෙකු බදවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි.