Thursday, May 9, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රීලාටත් දඩයක්! කතානායකගෙන් ඉල්ලයි

නිශාන් ද සිල්වා




රථ වාහන වැරදි 33 ක් සදහා ස්ථානීය දඩ වැඩි කිරිමට සමගාමීව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විනය ආරක්‍ෂා කිරීම සදහාද දඩ ක‍්‍රමයක් හදුනා දෙන්නැයි සිවිල් සංවිධාන කිහිපයක් කතානායකවරයාගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කරනවා.


පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සදහා දඩ නියම කිරීමට වැරදි 8 ක් ද ඒ සදහා නියම කළ යුතු දඩ මුදල්ද මෙහිදී යෝජනා කෙරුණා. 

පාර්ලිමේන්තුව තුළ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හෝ පහරදීම සදහා රුපියල් 25,000 ක දඩයක්ද, පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය වචන ප‍්‍රකාශ කිරීම සදහා රුපියල් 20,000 ක දඩයක්ද යෝජිතයි. පාර්ලිමේන්තුව හෝ මහජනතාව නොමග යවන ප‍්‍රකාශ සිදුකිරීම සහ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන ගැසට් නිවේදන නිකුත් කි්රීම වෙනුවෙන් රුපියල් 15,000 බැගින් දඩ නියම කිරීමටද මෙමගින් යෝජනා කර තිබෙනවා. 

සාධාරණ හේතුවක් නොමැතිව පාර්ලිමේන්තු රැුස්වීම් සදහා සහභාගි නොවීමට සහ පාර්ලිමේන්තු රැස්වීම් අතරතුර අවධානයෙන් නොසිටීමට රුපියල් 10,000 ක දඩයක් යෝජිතයි. 

සාක්‍ෂි නොමැතිව පාර්ලිමේන්තුව තුළදී කිසියම් පුද්ගලයෙකුට චෝදනා කිරීමටද රුපියල් දස දහසක දඩයක් යෝජනා කර තිබෙනවා. පාර්ලිමේන්තු සභා ගැබ තුළ නිදා ගැනීම වෙනුවෙන් රුපියල් 5,000 ක දඩයක් නියම කළ යුතු බවයි මෙම සිවිල් සංවිධාන එකමුතුව පවසන්නේ.