Thursday, May 9, 2024

General line - 0115112241

රියදුරු පුහුණු උපදේශකවරුන්ගේ හිගයක්

නිශාන් ද සිල්වා




රටපුරා රියදුරු පුහුණු උපදේශකවරුන්ගේ හිගයක් ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඇතැම් රියදුරු පුහුණු පාසල් බලපත‍්‍රලාභි උපදේශකවරුන් නොමැතිව පවත්වාගෙන යන බවයි වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරිගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ රියදුරු පුහුණු උපදේශකවරුන්ගේ මෙම හිගය පියවීම සදහා දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාදීමේ විභාගය ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීම ඉදිරියේදී කොළඹින් බැහැර ප‍්‍රදේශවලදීද සිදුකිරීමටද සැලසුම් කර තිබෙනවා. ඩිජිටල් ක‍්‍රමයට මෙම විභාගය පැවැත්වීමට ආරම්භ වුයේ ඊයේ දිනයේදීයි. දැනට වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලයේදී පමණක් මෙම විභාගය පැවැත්වෙනවා.