Thursday, May 9, 2024

General line - 0115112241

විජයකලාගේ ප‍්‍රකාශය සිංහලෙන් දෙන්නැයි අධිකරණ නියෝගයක්

අධිකරණ වාර්තාකරු




හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉකුත්දා කළ මතභේදාත්මක ප‍්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශනවල අන්තර්ගතය දෙමළ සහ සිංහල භාෂාවලින් ලිඛිතව ලබාදෙන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෙත අද (13) නියෝග කළා. 

මෙම ප‍්‍රකාශය ඇතුළත් විඩියෝ දර්ශන පුද්ගලික රූපවාහිනි නාලිකා 2 ක් විසින් පරීක්‍ෂණ සදහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

විජයකලා මහේෂ්වරන්ගේ මතභේදාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ පිළිබද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ කරුණු වාර්තා කිරීමක් අනුවයි අධිකරණය ඉහත නියෝගය සිදුකළේ.