Friday, May 10, 2024

General line - 0115112241

සාම්පූර් වෙරළෙන් මිලියන 66 ක හෙරොයින් හමුවෙයි

හේමන්ත කහවලගේ




සාම්පූර් පොලිස් වසමේ ඉලක්කන්ද වෙරළ තීරයේ තිබී හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 550ක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ පාර්සල් 21ක අසුරා ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගොස් තිබියදී එම හෙරොයින් තොගය සොයා ගැනුණු බවයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 66ක් පමණ වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. 

මීට දින තුනකට පෙර සාම්පූර් ප‍්‍රදේශයට නුදුරින් පිහිටි ලංකා පටුන මාවච්චේන ප‍්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 900ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් රැගෙන ආ ඉතිරි හෙරොයින් තොගය කිසියම් අයෙකු මුහුදට දමා තිබියදී එලෙස වෙරළට ගොඩ ගසා ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.