Thursday, May 9, 2024

General line - 0115112241

හල්දුම්මුල්ලේ කන්දක ගින්නකට මැදිවූ පිරිසක් යුද හමුදා මෙහෙයුමකින් මුදා ගැනේ

දිල්ශාන් තුෂාර




බදුල්ල හල්දුම්මුල්ල වංගෙඩිගල කන්දේ පැතිර ගිය ගින්නකට මැදිවූ පිරිසක් යුද හමුදා මෙහෙයුමකින් අද පස්වරුවේ මුදා ගැනුණා. බදුල්ල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උදය කුමාර පැවසුවේ ගින්නට මැදිව සිටි දස දෙනෙකු එලෙස මුදා ගෙන ඇති බවයි.

හල්දුම්මුල්ල පොලීසිය, හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කණ්ඩායමක් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම මෙහෙයුමට සහය ලබා දී තිබෙනවා.