Thursday, May 16, 2024

General line - 0115112241

ගෝඨාභයට එරෙහිව පෙරමුණු ගැන හෙළිදරව්වක්

සජිත් තිලකරත්න / හරිත පෙරේරා




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා පෙරමුණු කිහිපයක් කි‍්‍රයාත්මක වෙමින් ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වුවා.


 

පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගමද, ගෝඨාභය රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා කි‍්‍රයාත්මක වන පෙරමුණක පාර්ශවකරුවෙකු බවටයි මෙහිදී චෝදනා කෙරුණේ. පසුගිය රජය සමයේ ඔහුට එල්ල වූ මූල්‍ය වංචා පිළිබඳ චෝදනා යට ගැසීමට ඔහු එවැනි කුමන්ත‍්‍රණයක් සිදු කරන බවද මේජර් අජිත් ප‍්‍රසන්න වැඩිදුරටත් පැවසුවා.


මේ අතර ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ තරුණ පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදරිපත් වීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේම පිරිසක් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට එරෙහිව මත පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්ණ කිරීමකදීයි. පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන කනක හේරත් සහ තාරක බාලසූරිය ඊට මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.