Thursday, May 9, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමතිවරයාගේ ප්‍රකාශයේ වැදගත් කමක් නැහැ - හමුදාපති

දිල්ශාන් තුෂාර




උතුරු පළාතේ ජනතාව යුද හමුදාවෙන් ඈත් කිරීමේ අරමුණින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන් විවිධ ප‍්‍රකාශ සිදු කරන බව යුධ හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා. එහෙත් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ අරමුණූ ඉටු කර ගැනීමට හැකියාවක් නොමැති බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ. 

හමුදා නිලධාරීන්ට තොරතුරු ලබා දීමේදී ඊට පෙර තමා දැනුවත් කරන ලෙස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණූ විමසීමකදී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා. කිලිනොච්චියේ පැවැති උත්සවයක් අමතමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ප‍්‍රකාශ කළේ යුද හමුදාව උතුරු පළාතේ රෝහල් වලින් හෝ නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලා සිටිය හොත් ඒ පිළිබඳ පළමුව තමන්ට දන්වන ලෙසයි. 

ප‍්‍රධාන අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශය සැලකිල්ලට ගත යුතු තරමේ වැදගත් කමකින් යුත් ප‍්‍රකාශයක් නොවන බවද යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නා. එමෙන්ම යුද හමුදාව උතුරු පළාතේ සිදු කර ගෙන යන කටයුතු වලට අදාළ ප‍්‍රකාශයෙන් කිසිඳු බාධාවක් නොවන බවද යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් සඳහන් කළා.