Thursday, May 9, 2024

General line - 0115112241

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කෙරේ

දිනුක් හේවාවිතාරණ




ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීම සදහා අවධානය යොමුවී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන ගාලු කොටුව ආසන්නයේ පිහිටා තිබෙන මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී කිසිදු වගකිවයුතු ආයතනයක අනුමැතියකින් තොරව සිදුකර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

ඉදිරියේදී ගාල්ල නගරය සංචාරක පුරවරයක් ලෙස නවීකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් ගාල්ල නගරයේ සහ ගාලු කොටුවේ පිහිටි සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අමතරව ගාලු කොටුවේ පිහිටා තිබෙන සියලුම රජයේ ආයතනද වෙනත් ස්ථාන කරා රැගෙන යාමට ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි.