Tuesday, May 14, 2024

General line - 0115112241

ගාල්ල ක්‍රීඩාංගනය පින්නදුවට ගෙන යනවා - ඇමති වජිර අබේවර්ධන

හේමන්ත කහවලගේ




ගාලූ කොටුව සහ ඒ ආශී‍්‍රත ප‍්‍රදේශයේ ඇති අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගාලූ නගරය ලෝක උරුම නගර ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කර සිටිනවා. යුනෙස්කෝව ඒ පිළිබඳ රජයට අවස්ථා කිහිපයකදි දැනුම් දී ඇති බැවින් ගාලූ කොටුවේ සහ අවට අවිධිමත් ලෙස ඉදිකළ ගොඩනැගිලි ගණනාවක් ඉවත් කරන බවද අමාත්‍යවරයා පැවසුවා. 

ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගනය වටා ඇති ගොඩනැගිලි ද ඒ අනුව ඉවත් කිරීමට නියමිතයි. එලෙස ගොඩනැගිලි ඉවත් කිරීමත් සමග එම කී‍්‍රඩාංගනය ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයක් ලෙස පවත්වා ගෙන යාමට නොහැකි වනවා. එම කි‍්‍රඩංගනය ඉදිරියේදි ගාල්ල නගරයේ පාසල්වල සිසුන්ගේ පරිහරණයට වෙන් කෙරෙන බවයි අමාත්‍යවරයා කි්යා සිටියේ. එමෙන්ම ගාල්ල පින්නදුව ප‍්‍රදේශයේ නව ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍ය වජිර අබේවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියා. ඒ සඳහා දැනටමත් අක්කර 50ක භූමි ප‍්‍රදේශයක් වෙන් කර  ඇති බවයි අමාතයවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පළමු ටෙස්ට් තරගය මේ දිනවල පැවැත්වෙන්නේද ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදියි. බොහෝ දුරට මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේ පවත්වන අවසන් ටෙස්ට් තරගය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.
 

සබැදි පුවත්