Tuesday, May 14, 2024

General line - 0115112241

විධායකයේ අහිතකර ලක්ෂණ ඉවත් කරන්න පුළුවන් - ජවිපෙ

හරිත පෙරේරා




විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති අහිතකර ලක්ෂණ රැසක් සිය පක්ෂය ඉදිරිපත් කළ 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හොත් ඉවත් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ ‘‘රට වෙනුවෙන් සම්මත කළ යුතු 20’’ භික්ෂු සම්මේලනයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

පවතින දේශපාලන හා සමාජ ක‍්‍රමය යටතේ ජනතාව අපේක්ෂා නොකරන පුද්ගලයන් පවා රටේ නායකත්වට පත්විය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.