Tuesday, May 14, 2024

General line - 0115112241

දින 15ක් වයසැති බිළිඳෙකු විකිණීමට තැත් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට




දින 15ක් වයසැති පිරිමි දරුවෙකු මුදලට විකිණීමට තැත්කළ කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

දරුවාගේ මව, මිත්තණිය, සීයා සහ තැරැව්කාර කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

රුපියල් දෙලක්ෂ දස දහසක මුදලකට දරුවා විකිණීමට සැකකරුවන් උත්සහ දරා ඇති බවද පොලීසිය පැවසුවා. පොලිස් නිලධාරීන් උපාය දුතයන් ලෙස යොදවා සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැණුණු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.