හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ මව, පියා, දියණියන් දෙදෙනෙකු ඇතුලූ සැකකරුවන් 05 දෙනෙකු මහරගම පොලීසිය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, මහරගම වීරමාවත ප්‍රදේශයේ නිවෙසකදීයි.
අලූත්ගෙදර ආරියදාස නොහොත් මද්දු අයියා, කලූබෝවිලගේ නිල්මිණි , අලූත්ගෙදර දිල්රුක්ෂි අයේෂා සහ අලූත්ගෙදර මල්කි ශානිකා එලෙස අත්අඩංගුවට ගනු ලැබූ එකම පවුලේ සාමාජිකයින් සිව් දෙනායි. අත්අඩංගුවට ගැනුනු අනෙක් සැකකරු අලූත්ගෙදර දිල්රුක්ෂි අයේෂාගේ පෙම්වතා බව කියන නුවන් චාමර ප්‍රනාන්දු නැමැත්තෙක්.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් ප්‍රමාණය මෙතෙක් කිරා බලා නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. සැකකරුවන් අදාළ නිවස රුපියල් 28,000 ක මාසික කුලියකට ගෙන තිබූ බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.