Thursday, May 9, 2024

General line - 0115112241

හමුදාවට තොරතුරු නොදෙන්නැයි මහ ඇමතිට කියන්න බැහැ - පලපුරුදු මහ ඇමතිවරයෙක් උතුරේ මහ ඇමතිට පිළිතුරු දෙයි




හමුදාවට තොරතුරු ලබා නොදෙන ලෙස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් එම පළාතේ රාජ්‍ය නිලධාරීන්ට ඉකුත්දා කළ නියෝගයද මේ වනවිට දේශපාලන වේදිකාවේ ප‍්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකද මේ පිළිබද අදහස් පළ කළා. ඒ, සී වී විග්නේෂ්වරන් කළ ප‍්‍රකාශය මහඇමතිවරයෙකුගේ බලසීමාවද ඉක්මවා යන්නක් බව පෙන්වා දෙමින්.

"මේක නොමැන කරපු දෙයක් නෙවෙයි. අවස්ථාව බලල වාසියට කළ දෙයක් කියලයි මම නම් හිතන්නේ. අපි කාටත් කළ හැකි දේවල් තියෙනවා. මේ කියද දේ මහ ඇමතිවරයකුට කරන්න බැහැ. ඔහු මහ ඇමතිවරයකුගේ බලය ඉක්මවන ප්‍රකාශයකුයි මේ කරල තියෙන්නේ."

මේ පිළිබද අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ හමුදාවට හෝ රාජ්‍ය නිලධාරීන්ට නියෝගදීමට බලය ඇත්තේ රාජ්‍ය නායකයාට පමණක් බවයි. හමුදාවට නියෝග දීමට වෙනත් අයෙකුට නොහැකි බවද එහිදී අවධාරණය කෙරුණා.