Monday, December 23, 2024

General line - 0115112241

මරණ දඩුවමට එරෙහි අය මත්ද්‍රවය ජාවාරමට එරෙහි වන්නේ නැහැ

ලහිරු කපුගේ/ ජේ ඒ එල් ජයසිංහ




මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලමේ අරමුණින් මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි තරුණ පෙරමුණේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර පැවසුවේ මරණ දඩුවම නැවත ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අගය කළ යුතු බවයි. ඊට එරෙහිව ඇතැම් පාර්ශව කරන කරුණු දැක්වීම් ප‍්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියා. 

මේ අතර මරණ දඩුවම නැවත ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ස්තූතිය පළ කරන බව මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රී ශාන්තිනි කෝන්ගහගේ ද  අද ස්තූතිය පළ කළා. මත්ද්‍රව්‍ය රටට ව්‍යසනයක් වී ඇති බැවින් විදෙස් රටවලින් කුමන බලපෑම් පැමිණියක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී අධිකරණයෙන් මරණ දඩුවම නියම වූ තැනැත්තන්ට එම දඩුවම ක‍්‍රියාත්මක කළ යුතු බවයි ඇය කියා සිටියේ.