Monday, December 23, 2024

General line - 0115112241

‘‘ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ’’ පළමු රැස්වීම අද




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් කණ්ඩායම් කිහිපයක් සමග එක්ව පිහිටුවීමට යෝජිත ‘‘ ඒකාබද්ධ පොදුජන පෙරමුණේ’’ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ සහ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල නියෝජිතයින් මීට සහභාගී වන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග කියා සිටියේ. 


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධනගේ කිරුළපන පිහිටි නිවසේදී රාත‍්‍රී 07ට මෙම සාකච්ඡාව ආරම්භ කෙරෙනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කෙසේ වෙතත් මේ වනවිට විදේශගතව සිටින නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී නොවනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාව සිදු කෙරෙනු ඇතැයි ද දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියා.