Tuesday, May 7, 2024

General line - 0115112241

ඔබගේ පරිඝණකය ආරක්ෂිතයිද? : නවතම පරිඝණක වෛරසයක් කරළියට

දිනුක් හේවාවිතාරණ




වේගයෙන් පැතිරී යන වෛරසයක් සම්බන්ධයෙන් පරිඝණක විශේෂඥයින් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඒ ලොව පුරා ජනතාව ඉතා ආදරෙන් වැලඳ ගත් ප්‍රහසන නළුවෙක් වන රෝවන් ඇට්කින්සන් (Rowan Atkinson) හෙවත් Mr. Bean මිය ගොස් ඇති බවට සාවද්‍ය පුවතක් පරිඝණක හැකර්වරුන් විසින් පළකර ඇති පුවතක් හරහා මෙම වෛරසය පැතිරී යාම සිදුවන බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

Mr. Bean මියගොස් ඇති බවට සදහන් කර තිබෙන එම පුවත “FOX BREAKING NEWS” යන ශිර්ෂ පාඨයෙන් පලකර තිබෙන අතර එම ලින්ක් එක මත ක්ලික් කර විගස පරිඝණකයට වෛරස් ප්‍රහාරය එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෛරස් ප්‍රහාරයට ගොදුරු වීමෙන් අනතුරුව අදාළ පරිඝණකය යලි යථා තත්ත්වයට පත් කර ගැනීමට එම හැකර් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින්ට මුදල් පවා ගෙවීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

මේ හේතුවෙන් ෆේස්බුක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිරී යන මෙම වෛරස් ප්‍රහාරයෙන් ආරක්ෂා වන්නැයි අන්තර්ජාතික සයිබර් ආරක්ෂණ ඒකකය ලොවපුරා ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවත් මේ වන විට එංගලන්තය ඇතුළු යුරෝපයේ පරිඝණක රාශියකට මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇති බවද සදහන් කර සිටිනවා.