ප‍්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයාද එම සාකච්ඡාවට එක්ව සිටි බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ. මහජන නියෝජිතයන් ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර මැතිවරණය පැවැත්වෙන ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණිය හොත් ජනවාරි මස 05වන දින පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකි බවයි සභාපතිවරුන් දෙදෙනා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සමාලෝචන කමිටුවක් පත් කිරීමටද කතානායකවරයා පියවර ගෙන ඇති බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කළා.