මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා විශේෂ කමිටුවක් අද (24) පත් කිරීමට නියමිතව තිබෙනවා.
නීති, බන්ධනාගාර සහ අධිකරණය යන අදාළ ක්‍ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඒ පිළිබඳව සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී ඇමතිවරුන් දැනුවත් කිරීමට ද නියමිතව තිබෙනවා.
මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය පිළිබඳව ද අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති.