වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරනය සමයේදී ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛනයක් මාධය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා නගමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුව ඔක්තොම්බර් මස 09 සහ 10 දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළා.
අද දින මෙම නඩුව විභාගය සඳහා කැඳවු අවස්ථාවේ පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙසට නම් කොට ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේ රැස්වීමට සහභාගී වන බැවින් ඔහුන් දෙදෙනා මහාධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරනයට දැනුම් දුන්නා.
ඒ අනුව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මීලඟ දින අධිකරණයේ පෙනී සිටීමට මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චී සිව්වෙනි වතාවට අද (24) යළි සිතාසි නිකුත් කළා.
මීට පෙර අවස්ථාවලදී ද ඔවුන් ජනපති සහ අගමැති රාජකාරි හේතූන් මත අධිකරණයට පැමිණීමට අපහසු බව දන්වා නඩු විභාගයට වෙනත් දින ඉල්ලා සිටියා.
මෙම නඩුවේ පැමිණිළි පාර්ශ්වයේ සාක්ෂි විමසීම දින තුනක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියා.
නඩුවේ පළමු සහ දෙවැනි සාක්ෂිකරුවන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වන බැවින් ඔවුන් රාජකාරි වශයෙන් අධික කාර්යබහුල බැවින් නඩුවේ හයවෙනි සාක්ෂිකරු වන මාධ්‍යවේදියකුගෙන් සාක්ෂි සටහන් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පවසා සිටියා.
හය වන සාක්ෂිකරුට අදාල සාක්ෂි වීඩියෝ දර්ශන ඇතුළත් DVD පටයක් අධිකරණයේ ප්‍රදර්ශනය කිරීමෙන් මෙහෙයවීමට අපේක්ෂා කරන බැවින් එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසට මහාධිකරණය අධිකරණ අමාත්‍යාංශයට නියෝග කළා.
කූඨ ලේඛනයක් මාධය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට වන කරුණට අමතරව විත්තිකරු මෛත්‍රිපාල සිරිසේන මගතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපලවලට බලපෑමක් වන ආකාරයට කටයුතු කර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා කර සිටිනවා.
තිස්ස අත්තනායක ජනාධිපතිවරණ පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර් ජාතික සම්මුති පනතේ වරදවල් කර ඇති බවට අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා චෝදනා කර තිබෙනවා.
පසුගිය ජනාධිපතිවරණය සමයට අයත් දිනක එනම් 2014 දෙසැම්බර් මස 22 වැනි දින මෙලෙස ගිවිසුමක් ඇති බවට ව්‍යාජ ලේඛනයක් තිස්ස අත්තනායක කොළඹ පැවැති මාධය හමුවකදී ඉදිරිපත් කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටියා.