දියතලාව යුධ හමුදා කඳවුරට නුදුරින් අලුත්ඇළ මාර්ගයේ දෙමහල් නිවසක යුධ හමුදා ආරක්ෂක විද්‍යා පීඨයේ සිවිල් කාර්යමණ්ඩලයට අයත් කම්කරු කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (23) සවස වටලා තිබෙනවා.
එම කාන්තාවද, ගණිකා වෘත්තියේ යෙදුන බවට සැක කරන කාන්තාවන් දෙදෙනෙක් ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බන්ඩාරවෙල පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශය මෙම වැඩලීම සිදු කළා.
ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි වියේ පසුවන්නියක්.
අනෙක් කාන්තාවන් දෙදෙනා අවුරුදු 17 සහ 46 යන වයස් කාණ්ඩවල පසුවන කඩවත හා ආනමඩුව ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
සැකකාරියන් අද (24) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.
බදුල්ල පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ උපදෙස් මත බණ්ඩාරවෙල දූෂන මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක හේරත්ගේ මෙහෙයවීම යටතේ පොලිස් සැරයන් (4904) යසපාල, (36894) කපිල, පොලිස් කොස්තාපල්වරුන් වන (33695) රවීන්ද්‍ර, (36555) බණ්ඩාර, (51404) සුගත්, (51457) ලියනාරච්චි, (75941) පුෂ්පකුමාර, කාන්තා පොලිස් කොස්තාපල් (4396) ශ්‍රියාලතා සහ පොලිස් කොස්තාපල් (80491) මංජුල යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.