හෙරොයින් කිලෝග්‍රෑම් 103ක් සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් සැකකරු, බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු සමග දුරකතන සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
රුපියල් මිලියන 1248ක් වටිනා අදාළ හෙරොයින් තොගය සමග කළුබෝවිල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනේ ඉකුත් 07 වැනිදා රාත්‍රියේයි. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.
සැකකරුවන් ගමන් කළ ජීප් රථයක තිබී හෙරොයින් පාර්සල් 30ක් සොයා ගැනුණා. අනතුරුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී බත්තරමුල්ල ප්‍රදේශයේ ඔවුන්ට අයත් නිවසක තිබී හෙරොයින් පාර්සල් 66ක් සොයා ගත්තා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොඩබිමදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් ප්‍රමාණයද මෙය බවයි ප්‍රකාශ කෙරුණේ. මෙම හෙරොයින් තොගය මරණ දඩුවම නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිටින සුසෙයි නමැත්තා විසින් ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව කියා සිටියා.
මේ අතර හෙරොයින් පැකට් 22ක් සමග කාන්තාවක් ගල්කිස්ස අධිකරණ භූමියේදී අද (24) අත්අඩංගුවට ගැණුනා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි කාන්තාවක්.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ ලසන්ත නොහොත් ලසා නමැත්තාගේ ගෝලයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ද හෙරොයින් තොගයක් සමග ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් වැලිකඩ බණ්ඩාරනායකපුර ප්රදේශයේදීයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින්ග්‍රෑම් 201යි මිලිග්රැම් 160ක් සොයා ගැණුනා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 24ක්.