ව්‍යාජ සයිප්‍රස් ගුවන් ගමන් බලපත්‍ර උපයෝගි කර ගනිමින් එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වූ එකම පවුලේ ඉරාක ජාතිකයින් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අමෙරිකානු ඩොලර් දස දහසක මුදලක් ලබාදී ඉරාකයේදී මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ඇති බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුතෙකු බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. මොවුන් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේද මෙම ව්‍යාජ සයිප්‍රස් ගුවන් ගමන් බලපත්‍ර උපයෝගි කර ගනිමින්.