Wednesday, December 25, 2024

General line - 0115112241

වයස අවුරුදු අටේ ළමුන්ගේ හොර කල්ලියක් යාපනයෙන් මතුවෙයි - CCTV කැමරාවල හොරකම් සටහන් වෙයි




වයස අවුරුදු 8 ක කුඩා ළමුන් පිරිසකගෙන් සමන්විත සොර කල්ලියක් පිළිබද යාපනයේ නල්ලූර් පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා. අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ ඔවුන් රාති‍්‍ර කාලයේ වෙළදසැල්වලට ඇතුල්වී භාණ්ඩ සොරාගෙන ඇති බවයි.

එම භාණ්ඩ අතර ජංගම දුරකතන, ස්වර්ණාභරණ හා මුදල්ද අයත්. මෙම ළමුන් මුහුණු ආවරණය කර ගනිමින් වෙළදසැල්වලට ඇතුළු වී ඇති බවයි සී සී ටී වී කැමරා දත්තවල දැක්වෙන්නේ. සොරකල්ලිය අත්අඩංගුවට ගැනීම සදහා නල්ලූර් පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.